අමෙරිකාව හා ඊශ්‍රායලය යුද්ධය පරාදයි - අරමුණකින් තොරව පහර දෙන බව ඉරානයෙන් චෝදනා
ඉරාන විදේශ අමාත්‍ය අරාග්චි (Araghchi) පවසන්නේ ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද්ධය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇති බවයි.
ඔවුන්ගේ මුල් සැලසුම් මෙන්ම පසුව ක්‍රියාත්මක කළ අනෙකුත් සියලු උපාය මාර්ග ද අසාර්ථක වී ඇති බව ඔහු පවසයි.
අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මෙම යුද්ධය අවසන් කිරීමට පැහැදිලි අරමුණක් නොමැති නිසා, ඔවුන් දැන් ජනාවාස ප්‍රදේශවලට ඉලක්කයක් නොමැතිව ප්‍රහාර එල්ල කරන බවට ඔහු චෝදනා කරයි.