වෘත්තීය ක්‍රියාමාර්ගය ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණයක් ගනී..!

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Mar 26, 2023 11:04 AM GMT
Sewvandhi

Sewvandhi

Report

 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව සිදුකිරිමට තීරණය කර තිබේ.

එහි සභාපති මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා සඳහන් කළේ, ඊයේ පැවැති විධායක කමිටු රැස්වීමේ දි අදාළ තීරණය ගත් බවය.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් මෙතෙක් ලැබී නොමැති බව ඔහු අවධාරණය කළා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වීම හේතුවෙන් රුහුණු විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ මේ මස වැටුප ප්‍රමාද කර ඇති බවද මහාචාර්යය ශ්‍යාම බන්නැහැක මහතා වැඩිදුරටත් පවසා සිටියේය.    


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha