විපක්ෂය එක්ක සාකච්ඡාවට අපි යන්නෑ - පොහොට්ටුව කියයි

Mahinda Rajapaksa Sajith Premadasa Sri Lanka Politician Sri Lanka Podujana Peramuna Sinhala news
By Ashfa May 15, 2025 09:58 AM GMT
Ashfa

Ashfa

Report

ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා අද (15) දිනයේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් ඊයේ (14) එකඟතාවයකට පැමිණ ඇති බව වාර්තා වේ.

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

අස්වැසුම දීමනා ගැන අලුත්ම ආරංචියක්

ඒ අනුව අද (15) පස්වරුව් පක්ෂවල මහලේකම්වරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවුණද පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑමේදී උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)

රෑ වෙද්දී කකුල ගොඩක් රිදෙනවද? මෙහෙම කරන්න... (PHOTO)

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී කිසිදු දේශපාලන පක්ෂයක් සමග සන්ධානගතවීමට අපේක්ෂා නොකරන බවද ඔවුන් පැවසීය.

ReeCha