දෙන්නත් එක්ක වෙසක් බලන්න ගිහින්, ජීවිතයෙනුත් එකටම සමුඅරන්
By Kaushi
මාතර වෙසක් බලන්න ගිය යුවලක් ඉකුත් දා අනතුරට පත් ව ඇත.
ඒ මාතර පොලිස් වසමේ මාතර තංගල්ල වෙරළ මාර්ගයේදීයී.
මෙම අනතුර රාත්‍රී 7ට පමණ සිදු වී ඇති බව වාර්තා කරයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30 ක් වන මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් සහ වයස අවුරුදු 23 ක් වන මාතර වීරවිල ප්‍රදේශයේ පදිංචි තරුණියක් බව සඳහන්.
ගමන් ගත් යතුරු පැදිය මාතර දෙස සිට තංගල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
ඒ යතුරු පැදිය ලිස්සා ගොස් බස් රථයේ පිටුපස රෝදයකට යට වීමෙන්.
අනතුරින් තුවාල ලැබූ යුවල මාතර රෝහලට ඇතුළත් කළ ද දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මාතර පොලිසිය විසින් සිදු කරයි.