සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුල අභිරහස් ලෙස මියයයි..
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයකදී සිසුවකු සිය දිවි නසා ගත් පුවතක් වාර්තා වනවා.
පොලිසිය පවසන්නේ, එම ශිෂ්‍ය නේවාසිකාගාරය මහරගම කටුවාවල ප්‍රදේශයේ පිහිටා තිබෙන අතර, එහි බිම් මහලේ මෙම සිසුවා ලණුවක් ආධාරයෙන් ගෙල සිර කර ගෙන ඇති බවට සැක පලකෙරෙන බවයි.
එම නේවාසිකාගාරයේ තවත් සිසුන් 64ක් පමණ නේවාසිකව සිටින බවත් තවත් සිසුන් කිහිප දෙනෙකු මෙම සිසුවා ගෙල වැලලාගෙන සිට්න බව දැක ලණුව කපා දමා ඇති බවත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි පවසන්නේ. මෙම සිසුවාගේ මවුපියන් පවසන්නේ මෙම මරණය සැක සහිත බවයි.
එම නිසා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙන බව ද පොලිසිය ප්‍රකාශ කළා.
මහරගම පොලිසිය විසින්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.