විශ්වවිද්‍යාල ආරම්භ කිරීම ගැන ගත් තීරණය මෙන්න.

Sri Lanka Education University
By Aruna Oct 26, 2021 06:39 AM GMT
Aruna

Aruna

Report

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද (26) දිනෙන් පසු ඕනෑම අවස්ථාවක විශ්වවිද්‍යාල විවෘත කිරීම සඳහා උපකුලපතිවරුන්ට අවසර ලබාදී ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මේ වන විට විශ්වවිද්‍යාල ගොඩනැගිලි කිහිපයක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගෙන ඇති බවය.

කෙසේවෙතත් රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් එම ගොඩනැගිලි ද නිදහස් කළ පසුව ද විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට හැකියාව පවතින බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.

"මීට සති දෙකකට පෙර තමයි අපි එන්නත්කරණ වැඩපිළිවෙල අවසන් කළේ. ඒ නිසා මේ වන විට විශ්වවිද්‍යාලවල කණ්ඩායම් ආරම්භ කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා.

ඒ නිසා ලබන සතියේ සිට හෝ උපකුලපතිවරුන්ට පීඨාධිපතිවරුන් සමඟ සාකච්ඡා කරලා, සනාථන සභාවල සාකච්ඡාවෙන් පස්සේ කුමන කණ්ඩායම ද ගේන්නේ කියලා ආරම්භ කරාට අපේ කිසිම විරුද්ධත්වයක් නෑ.

හැකි ඉක්මනින් දරුවෝ කැඳවා අධ්‍යාපනය ලබාදෙන්න කියන එක තමයි සියලු උපකුලපතිවරුන්ගෙන් අපි ඉල්ලීමක් කළේ කොන්දේසි සහිතව.

නේවාසිකාගාර වෙත පැමිණිමට, අනිවාර්යෙන් ම එන්නත් දෙකම ලබාගෙන, දෙවැනි එන්නත ලබාගෙන සති දෙකක් ගතවිය යුතුයි.

ඒක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අපට දුන්න උපදේශය."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....
Join now


ReeCha