විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ අවසන් තීරණය..

Sri Lankan protests Sri Lanka
By Sewvandhi Apr 23, 2023 08:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන අඟහරුවාදා විධායක සභා රැස්වීමක් පැවැත්වීමට  තීරණය කර තිබේ.

එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ, සිය ගැටලුව සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත විසඳුම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවය.

කෙසේවෙතත් අනිද්දා දිනයේ රැස් වන විධායක සභා රැස්වීමේ දී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව චාරුදත්‍ත ඉලංගසිංහ මහතා පවසයි.

සිය ගැටලුවලට විසඳුම් ලබාදෙන්නේ නම් සති දෙකක් තුළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් කිරීමට හැකියාව පවතින බව චාරුදත්‍ත ඉලංගසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

Join Now


ReeCha