විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් - මැයි මස 19 වන දින දක්වා
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කර ඇත්තේ 2025 වසරේ පැවැති අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පදනම් කරගෙන 2025/2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම මැයි මස 19 වන දින දක්වා සිදුකරන බවයි.
ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි අලෙවිසැල් වලින් ලබා ගත හැකි බවත් එහි මෘදු පිටපත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා නිල වෙබ් අඩවිය හරහාද මාර්ගගතව මිලදී ගත හැකි බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා වූ අයදුම්පත් භාරගැනීම පසුගිය 28 වැනිදා ආරම්භ වූ අතර එම වසරේ උසස් පෙළ ප්‍රතිපළ අනුව සිසුන් 176,527ක් එනම් 62.64%ක් සරසවි වරම් ලබාගෙන තිබුණි.