නීතිවිරෝධීව රැඳී සිටි ලාංකිකයින් 61ක් අත්අඩංගුවට

India arrested smuggling Sri lankan unauthorized
By Sewvandhi Jun 12, 2021 05:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ඉන්දීයාවේ තමිල්නාඩු හා කර්ණාටක පොලිස් ස්ථාන මඟින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත. එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනවලදී මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ ශ්‍රී ලාංකිකයින් මාස දෙකක පමණ කාලයක් නීතිවිරෝධීව තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රදේශවල රැඳී සිට ඇති බව සඳහන් වේ. ඔවුන් මුහුදු මාර්ගයෙන් කැනඩාවට ප්‍රවාහනය කිරීමට මිනිස් ජාවාරම්කරුවන් සැලසුම් කර තිබූ බව ඉන්දීය පොලීසිය සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මිනිස් ජාවාරම්කරුවන් 7 දෙනා අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිටි බවට සැකකෙරෙන පුද්ගලයෙකු සිටින බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now