ජගත් මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට එරෙහි පරීක්ෂණයක් ඉල්ලයි

police Sri lanka UNHR Mishel bachale Jineewa
By Sewvandhi Jun 22, 2021 02:21 AM GMT
Report

පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මිය යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 47 වන සැසි වාරය ජිනීවා හිදී අමතමින්. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකර වසර දෙකක කාලයක් රඳවා තබා ගැනීමට දැනට පවත්නා නීති අනුව අවසර පවතින බව පෙන්වා දෙන මානව හිමිකම් කොමසාරිස්වරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මිය යාම් සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

පොලිස් භාරයේදී සිදුවන මිය යාම් මෙන්ම පොලීසිය හා අපරාධ කල්ලි අතර ගැටුම්වලදී පුද්ගලයින් මිය යන බවට තමන් නිරීක්ෂණය කර ඇති බවයි ඇය ප්‍රකාශ කළේ.

මේ පිළිබද පුළුල් හා ස්වාධීන විමර්ශනයක් පැවැත්විය යුතු බව සදහන් කරන මානව හිමිකම් කොමසාරිස්වරිය ඒ සඳහා රජය සමඟ එක්ව කටයුතු කරන බව කියා සිටියා.

මෙරට සුළු ජාතීන්ට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් ද තමන් අවධානයෙන් පසුවන බවයි ඇය එහිදී ප්‍රකාශ කළේ. එමෙන්ම, මෙරට මානව හිමිකම් පිළිබද වාර්තාවක් ලබන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ එහිදී කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now