පුන පුනා බලා සිටි එක්සත් ජාතීන්ගේ සාකච්චාවේ අවසන් උත්තරේ මෙන්න
රුසියාව විසින් ගෙන එන ලද මැදපෙරදිග යුදමය තත්ත්වය සම්බන්ධයෙන් යෝජනාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ දී සම්මත කරගැනීමට නොහැකි වී ඇත.
එමෙන්ම ගල්ෆ් රටවලට ඉරානය විසින් එල්ල කරන ප්‍රහාර හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවකට පක්ෂව ඡන්ද 13ක් ලැබී ඇත.
අදාළ යෝජනාව රටවල් 135 සම අනුග්‍රහය යටතේ ඉදිරිපත් කර තිබූ අතර චීනය සහ රුසියාව අදාළ යෝජනාවට ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බව වාර්තා වේ. ඉරානය විසින් ජෝර්දානය ඇතුළු ගල්ෆ් රටවලට එල්ල කරන ප්‍රහාර සහ තර්ජන නතර කරන ලෙස අදාළ යෝජනාව මඟින් ඉල්ලීමක් කර ඇත.
කෙසේවෙතත් අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් එම යෝජනාවේ කිසිදු සටහනක් දක්වා නොමැති බව වාර්තා වේ.