තීරණාත්මක මොහොතක් - එක්සත් ජාතීන්ගේ සමුළුව හදිසියේම රැස්වෙයි - මොන වගේ තීරණයක් එයිද?
මේ වනවිට ජිනීවාහිදී මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 'දුර්ලභ සහ හදිසි' විවාදයක් පැවැත්වෙයි.
මෙම විවාදය ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් සිදු කළ ඉල්ලීමට අනුව සිදුවේ.
අද දින (25) වන විට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර දින 26ක් ගතව ඇති මෙවන් පසුබිමක ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තවද අමෙරිකාව විසින් හමුදා භටයින් 2,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වේ. අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ ඇති අමෙරිකානු කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය.
එමෙන්ම ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති අතර සතුරු නොවන නැව් සඳහා එය විවෘත කිරීමට ඔවුන් කටයුතු කර ඇත.