අද සිට ක්‍රියාත්මක කරන නව පනත් දෙක මෙන්න..
Dr Wijeyadasa Rajapakshe
Government Employee
Government Of Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
By Aruna
නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබෙනවා.
ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බවයි පැවසෙන්නේ.
දුෂණ විරෝධී පනත් කෙටුම්පත පසුගිය ජුලි මස 19 වනදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එමෙන්ම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ, අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා ආරක්ෂා කිරීමේ පනතේ විධිවිධාන ද අද සිට ක්‍රියාත්මක වන බවයි.
