මාපිටිය ගල් වලේ බෝර වලේ දරුණු අනතුරක් - දෙදෙනෙක් මරුට
By Mithu
ලියන්ගහවෙල, මාපිටිය ගල්වලේ සේවය කරමින් සිටි කම්කරුවන් දෙදෙනෙකු අද (14) එහි එහි සිදුකළ බෝර ගැසීමක් අතරතුර පස් හා ගල්වලට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.
බණ්ඩාරවෙල - පූනාගල මාර්ගයේ 16-17 කිලෝමීටර් කණු අතර මෙම ගල්වල පිහිටා තිබේ.
ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුවත් කරේ, මියගිය අයගේ සිරුරු ගොඩගැනීමට සඳහා යුධ හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බව සඳහන් වේ.