නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවෙන් හමු වුණු දෙයින් රටම කැළඹෙයි - රුපියල් කෝටි 400කට අධික හෙරොයින් තොගයක්

Report

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට හෙළි වී ඇත.

එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණයට එක්වෙමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව පවසා ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂාවේදී මෙම යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය හෙරොයින් බවට හෙළි වී ඇති අතර ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය කිලෝ 150කට අධික ප්‍රමාණයක්ද නිලධාරී භාරයට ගෙන ඇත.

මාස 3ක් තුළ මත්ද්‍රව්‍ය සහිත බහුධින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදා භාරයට

මාස 3ක් තුළ මත්ද්‍රව්‍ය සහිත බහුධින ධීවර යාත්‍රා 10ක් නාවික හමුදා භාරයට

එම මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීමෙන් පසුව බහුදින ධීවර යාත්‍රාවේ සිටි සැකකරුවන් 04 දෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ගොඩබිමට රැගෙන ආ අතර අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(16) දින ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී සිදුකළ විශේෂ මෙහෙයුමක් අතරතුර නාවික හමුදාව විසින් අදාළ බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් අතර ඒ තුළ තිබූ මත්ද්‍රව්‍ය බහාලු උර 6ක් සමඟ මෙම සැකකරුවන් 04 දෙනා නිලධාරී භාරයට ගෙන තිබුණා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්