අත්අඩංගුවට ගත් හිටපු පා.ම. චන්දන කත්‍රිආරච්චිට රැඳවුම් නියෝග?

Report

නීතිවිරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ (16) දින අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි සම්බන්ධයෙන් රැඳවුම් නියෝග යටතේ ඉදිරි විමර්ශන සිදුකිරීමට බලාපොරොත්තු වන බව පොලිසිය පවසා ඇත.

ඒ අනුව කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත පොලිසිය පිළියන්දල මාම්පේ පිහිටි ඔහුගේ නිවස ඊයේ උදෑසන පරීක්ෂාවට ලක්කර තිබුණා.

එහිදී ටී 56 වර්ගයේ මැගසීන් දෙකක්, එම වර්ගයේ ගිනි අවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ 221ක්, එයිටි ෆෝ එස් වර්ගයේ ජීව උණ්ඩ 31ක් සොයා ගැනීමට සමත් විය.

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

හිටපු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි අත්අඩංගුව ගැනීම ගැන පොලීසියෙන් නිවේදනයක්

ඊට අමතරව රිවෝල්වර සඳහා භාවිත කරන ටූ පොයින්ට් ටූ වර්ගයේ ජීව උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් ද එහිදී සොයා ගෙන තිබුණා.

තවද මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල 2ක්, බෝර 12 ගිනි අවියක් සහ බෝර 16 වර්ගයේ ගිනි අවියක් ද හමුවී ඇති අතර, එම ගිනි අවි චන්දන කත්‍රිආරච්චිගේ සහ දැනට විදෙස් ගතව සිටින ඔහුගේ බිරිඳට අයත් නීත්‍යානුකූල ගිනි අවි බවට අනාවරණය වී ඇත.

එමෙන්ම පොලිස් භාරයට ගත් ජීව අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බලාකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ඊයේ පස්වරුවේ නිෂ්ක්‍රීය කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දාගේ සොහොයුරා අද දිවයිනට

දැදුරු ඔයේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට

දැදුරු ඔයේ ඛේදවාචකයෙන් මියගිය සංඛ්‍යාව 6ක් දක්වා ඉහළට