රටම කම්පාව පත් කළ මීගමුවේ අනතුරින් පසු කන්ටේනර් රථයට ගිනි තැබූ තිදෙනෙක් කොටු

Report

 මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරකට ලක්ව ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව කන්ටේනර් රථයට ගිනි තබා අලාභ හානි කිරීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 20, 25 සහ 26 යන වයස් කාණ්ඩවල පසු වන මීගමුව දාගොන්න හා කිඹුලපිටිය ප්‍රදේශයේ පසුවන තිදෙනෙකි. මෙම සැකකරුවන් තිදෙනා අද (31) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත

ඒ වගේම එම ප්‍රදේශයේ අතහැර ගොස් තිබූ තවත් යතුරුපැදියක්ද සොයාගෙන පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ මීගමුව - මිනුවන්ගොඩ මාර්ගයේ 2 කණුවත් 3 කණුවත් අතර බොලවලාන ප්‍රදේශයේදී මාර්ගය හරහා හරවමින් තිබූ කන්ටේනර් රථයක ගැටී මීගමුව දෙසට වේගයෙන් ධාවනය කරමින් තිබූ යතුරුපැදි යුගලක ගමන්ගත් පැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට විය.

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

රස නහර පිනා යන අත්දැකීමක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැණකෙළියට එන්න...

එම අනතුරින් මිය ගොස් තිබුණේ, අවුරුදු 18 සහ 20 වයසේ පසුවූ මීගමුව දාගොන්න ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ අනතුර සිදුවූ ස්ථානය අවට ඇති CCTV දර්ශන ඇතුළු තොරතුරු මගින් කන්ටේනර් රථයට අලාභ හානි සිදුකිරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදු කරන බවයි