ඩෙංගු අවදානම දැඩි ලෙස ඉහළට - මරණ සංඛ්‍යාවත් වැඩි වෙයි - සෞඛ්‍ය අංශ වෙතින් දැඩි අනතුරු ඇගවීමක්
මෙරට තුළින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කර තිබේ
එම ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මේ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තාවී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 84,724 දක්වා ඉහළ ගොස් ඇති බවයි
ඒ අනුව ජූලි මාසයේ ඊයේ (30) දින දක්වා වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,350කි.
දරුවන්ට වයස අවුරුදු 2 වෙනකම් සීනි දෙන්න පරිස්සම් වෙන්න - ඩිමෙන්ශියා අවදානම ගැන විද්‍යාඥයින්ගෙන් රතු එළියක්
වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,971ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 16,814ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,873ක් හඳුනාගෙන තිබේ.
බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති ඩෙංගු ආසාදිතයින් සංඛ්‍යාව 44,829කි. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කළේ දකුණු පළාතේ රෝගීන් 12,738ක් ද මධ්‍යම පළාතෙන් රෝගීන් 7,370ක් ද වාර්තාවී ඇති බවයි .