අග්‍රාමාත්‍යවරිය එක්වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය විදහා දක්වන චිත්‍ර ප්‍රදර්ශනය
19 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ දෘශ්‍යමය ඉතිහාසය නිරූපණය කරන “19th Century Views of Ceylon” චිත්‍ර ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය එක් වූවාය.
ජෝර්ජ් කීට් පදනම සහ කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය 2026 ජූලි 30 වැනිදා බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාගේ නිල නිවස වන වෙස්ට්මින්ස්ටර් හවුස්හිදී ආරම්භ කෙරිණි.
වෙස්ට්මින්ස්ටර් හවුස්හි මහජනතාව වෙනුවෙන් පැවැත්වෙන පළමු කලා ප්‍රදර්ශනය ලෙස මෙය විශේෂ ඓතිහාසික අවස්ථාවක් ලෙස සැලකේ. මෙම ප්‍රදර්ශනය තුළ 19 වැනි සියවසේ ශ්‍රී ලංකාවේ භූ දර්ශන, ගෘහ නිර්මාණ ශිල්පය සහ සංස්කෘතික උරුමය විදේශීය කලාකරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් නිරූපණය කරන දුර්ලභ සිතුවම් එකතුවක් ප්‍රදර්ශනය කෙරේ.
ඔක්තෝම්බර් 23, 24 සහ 25 යන දිනවල සියලු ප්‍රදේශවල සිටින පාසල් සිසුන්ට මේ සඳහා රජයෙන් අවස්ථාවක්.. අගමැති
සුප්‍රකට බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පීන් වන එඩ්වඩ් ලියර්, ඇන්ඩෲ නිකොල් සහ කොන්ස්ටන්ස් ගෝර්ඩන් කමිං ඇතුළු කලාකරුවන්ගේ නිර්මාණ රැසක් මෙහි ඇතුළත් වන අතර, ඒවායින් බොහෝමයක් ප්‍රථම වරට මහජන ප්‍රදර්ශනයට එක්කර තිබීම විශේෂත්වයකි.
ප්‍රදර්ශනය නැරඹූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය, සංවිධායකයන් සහ ආරාධිතයන් සමඟ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමේ වැදගත්කම මෙන්ම කලාව හරහා ජාත්‍යන්තර සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගත්තාය.
ජෝර්ජ් කීට් පදනම සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම ප්‍රදර්ශනය, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර පවතින දිගුකාලීන සංස්කෘතික හා ඓතිහාසික සබඳතා පිළිබිඹු කරන අතර, මෙරට සුවිශේෂී කලා උරුමය පිළිබඳ අවබෝධය පුළුල් කිරීමද අරමුණු කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා, ජෝර්ජ් කීට් පදනමේ සභාපති මලක තල්වත්ත මහතා, එම පදනමේ නියෝජිතයන්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයන්, කලාකරුවන්, සංස්කෘතික ක්ෂේත්රයේ විද්වතුන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වූහ.