හිටපු අමාත්‍ය මර්වින් සිල්වා රු. මිලියන 600කට වැඩියෙන් වත්කම් රැස් කරපු හැටි එළිවෙයි - එක බැංකුවක රු. මිලියන 182 ස්ථාවර තැන්පතුවක්

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් වසර දෙකක කාලයක් තුළ රැස් කරගත් රුපියල් මිලියන 600 කට වඩා වටිනා බව කියන වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ඔහුට එරෙහි පැහැදිලි කළ නොහැකි වත්කම් නඩුවේ අධිකරණ ක්‍රියාමාර්ගවලින් හෙළි වී ඇති බව රජයේ පුවත්පතක් වාර්තා කර ඇත.

ඒ අනුව අඳාළ වාර්තාවට අනුව පසුගිය 2010 මාර්තු 31 සිට 2012 මාර්තු 31 දක්වා කාලය තුළ සිල්වා සිය නීත්‍යානුකූල ආදායම් මාර්ග හරහා පැහැදිලි කළ නොහැකි වත්කම් උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම නඩුව ගොනු කර තිබෙනවා.

අඳාළ නඩුව අගෝස්තු 20 වන දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහයිල් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතයි.

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

අදින් පසු දෙසැම්බර් 31 තෙක් සියලු රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනවල මෙය ක්‍රියාත්මකයි - QR කේතයකුත් ලබා දෙයි

එහිදී හිටපු අමාත්‍යවරයා විසින් පවත්වාගෙන යනු ලබන බහුවිධ ගිණුම් සම්බන්ධයෙන් බැංකු කිහිපයක කළමනාකරුවන් සාක්ෂි ලබා දීමට බලාපොරොත්තු වන බව සඳහන්.

එමෙන්ම වැඩිදුරටත් වාර්තා වූයේ සිල්වා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සම්බන්ධ ස්ථාවර තැන්පතු, බැංකු ගිණුම්, ඉහළ වටිනාකමකින් යුත් ඉඩම් මිලදී ගැනීම්, සුඛෝපභෝගී වාහන, රක්ෂණ ඔප්පු සහ අනෙකුත් මූල්‍ය ගනුදෙනු රාශියක් පිළිබඳව අධිකරණයට දැනුම් දී ඇති බවයි.

එසේම ඉස්මතු කර ඇති වත්කම් අතර එක් බැංකුවක රුපියල් මිලියන 182 ඉක්මවන ස්ථාවර තැන්පතු, කොළඹ සහ රාජගිරියේ දේපළ කිහිපයක්, වසර දෙකක කාලය තුළ මිලදී ගත් වාහන හතක් සහ අනෙකුත් මූල්‍ය ආයෝජන ඇතුළත් බව සඳහන්.

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

රථ වාහන පරික්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් - තහනම් නියෝග සමඟ රියදුරන්ට දින 14ක සහන කාලයක්

ඊට අමතරව වාර්තා වූයේ චෝදනා පත්‍රයෙන් ආවරණය වන කාල සීමාව තුළ සිල්වා විසින් පැහැදිලි කළ නොහැකි තරම් වත්කමක් රැස් කර ගත් ආකාරය තහවුරු කිරීමට පැමිණිල්ල උත්සාහ කරන බවයි.

එමෙන්ම මෙම නඩුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර අධ්‍යක්ෂ අමා විජේසිංහ විසින් විභාග කරයි.

ඉදිරි සති කීපයම ඉතා අවදානම් - ලේ ගංගා හලන්න සියල්ල සූදානම් ඉරානය අති ප්‍රබල මිසයිල තොගයක් වහාම ගෙන්වයි

ඉදිරි සති කීපයම ඉතා අවදානම් - ලේ ගංගා හලන්න සියල්ල සූදානම් ඉරානය අති ප්‍රබල මිසයිල තොගයක් වහාම ගෙන්වයි

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න