මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මගීන්ට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
ඒ අනුව බේරුවල සහ පයාගල අතර මාගල්කන්ද ප්රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී යාම හේතුවෙන් මෙසේ එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වාර්තා කර තිබෙනවා.