සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

By Mithu Jun 10, 2025 03:15 PM GMT
Report

නීතිවිරෝධී අයුරින් ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ තෙන්දු කොළ කිලෝග්‍රෑම් 1200කට වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සිය භාරයට ගෙන ඇත.

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

අත මිට සරු වෙන,විවාහයට සුභ වෙන සැප සම්පත් ළඟා වෙන අද දවස

මීගමුව ප්‍රදේශයේදී වැටලීම සිදුකර තිබූ අතර ලොරි රථයකින් ඒවා ප්‍රවාහනය කරමින් සිටි රථයේ රියදුරු සහ තවත් සැකකරුවෙකු එහිදී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තෙන්දු කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා සුරාබදු නිලධාරීන් දෙදෙනෙක් ආරක්ෂාව ලබාදී ඇති අතර ඔවුන් දෙදෙනාවද අත්අඩංගුවට ගෙන තිබේ. ගෝනි 42ක් තුළ තිබූ එම තෙන්දු කොළ තොගයේ වටිනාක රුපියල් ලක්ෂ 100ක් පමණ වෙන බව වාර්තා වෙයි.

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!

වැඩ තහනමක් ගැන ලිපියක්වත් නැහැ – රවී කුමුදේශ් කියයි!