මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් බඩුත් එක්කම අත්අඩංගුවට
හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 18ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු සහ එම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අඳාළ සැකකරුවන් ඊයේ (03) රාත්‍රී කාලයේදී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කිරිබත්ගොඩ පොලිස් වසමේ රෝහල පාර ප්‍රදේශයේදී සැකකටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 03 සහ ග්‍රෑම් 18ක් සමඟ ජංගම දුරකථනයක් හා එම යතුරුපැදියද සමඟින්.
එමෙන්ම අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක අයෙක් බව සඳහන්.
සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී, මෙම මත්ද්‍රව්‍ය තොගය ඔහු වෙත ලබා දුන් තවත් සැකකරුවෙකු පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර, ඒ අනුව කටුනායක 18 කණුව ප්‍රදේශයේ හෝටලයක ලැඟුම් ගෙන සිටි අවස්ථාවේදී දෙවන සැකකරුද අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.
ඔහු වයස අවුරුදු 32ක් වන තායිලන්ත ජාතිකයෙකු බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, කිරිබත්ගොඩ පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරයි.