අගමැති පත් කිරීමේ ගැසට් පත්‍රය නිකුත් කරයි..
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසුරිය ඊයේ (18) දින සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බව ගැසට් නිවේදනයේ නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක විසින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
