ගිනස් පොතට ගිය අසාමාන්‍ය නිවුන් දරු උපත.

By Wayomi Mar 07, 2023 09:02 AM GMT
Report

කැනේඩියානු නිවුන් දරුවන් දෙදෙනකු ගිනස් වාර්තා අතරට එක් වූණ.

ඒ, ලොව වඩාත් අඩුම ගර්භනී කාලයකින් උපත ලැබූ නිවුන් දරුවන් ලෙසයි.

සති 22ක එනම් දින 126ක ගැබිනි කාලයකින් මෙසේ උපත ලබා ඇත්තේ ආඩියා සහ ඒඩ්‍රියල් නඩරාජා නම් දරුවන් දෙදෙනායි.

මේ නිවුන් දරුවන් උපත ලබා ඇත්තේ නොමළ දරු උපතක් සිදුවිය හැකි අවම ගැබිනි කාලය වන සති 22ක කාලයටත් පැයකට පෙරයි.

සාමාන්‍ය ගැබිනි කාලය සති 40ක් වන අතර ඒ අනුව මේ දරුවන් නිසි කාලයට සති 18කට පෙර උපත ලබා තිබීම විශේෂත්වයකි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...      

JOIN NOW