ලොවක් පුදුම කරමින්, 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කරයි.. (PHOTOS)

By Gagana Dec 01, 2023 02:30 PM GMT
Gagana

Gagana

Report

උගන්ඩාවේ 70 හැවිරිදි කාන්තාවක් නිවුන් දරුවන් බිහි කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ සිසේරියන් සැත්කමකින් ය.

සෆීනා නමුක්වායා නම් ඇය පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු මෙලෙස බිහි කර ඇත.

ඇය උගන්ඩාවේ දරු ප්‍රසූතිය සිදු කළ වයස්ගතම කාන්තාවන්ගෙන් අයෙකු වේ.

සිය දරුවන් ද සමඟ ඇය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වේ.

කෙසේ වෙතත්, 2019 දී මීට පෙර 73 හැවිරිදි ඉන්දියානු කාන්තාවක් විසින් ද නිවුන් දරුවන් බිහි කළ පුවතක් වාර්තා විය.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha