212 දෙනෙක්ට වෙන්න ගිය මහ විපතකින් නූලෙන් බේරෙයි - තුර්කි ගුවන් යානය ආරක්ෂිතව කටුනායකට
දෝෂයකට ලක්වූ තුර්කි ගුවන් සේවයේ (TK 733) ගුවන් යානය අළුයම 12.28 ට නැවත කටුනායක ගුවන් තොටුපළට ආරක්ෂිතව ගොඩ බැස්සවූ බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම ප්‍රකාශ කරයි.
ඒ අනුව එම ගුවන් යානය මීට ටික වෙලාවකට පෙර හදිසි ගොඩබෑමකට සුදානමින් සිටි බව කටුනායක ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කළා.
ඊයේ (16) දින රාත්‍රී 10ට තුර්කිය බලා පිටත්ව යාමට සුදානමින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් පියාසර කිරීම ආරම්භ කළ මෙම ගුවන් යානයේ ගොඩබෑමේ රෝද පද්ධතිය අක්‍රිය බවට එහි ගුවන් නියමුවාට දැනගන්නට ලැබී ඇති බවට වාර්තා විය.
එබැවින් පැය දෙකකට අධික කාලයක් මෙම ගුවන් යානය හදිසි ගොඩබෑමකට සූදානම්ව මීගමු කලපුව ආශ්‍රිත මුහුදු තීරයේ අඩි 4000ක් උඩින් පියාසර කරමින් සිටි බව සඳහන්.
අඳාළ ගුවන් යානයේ මගීන් 202ක් සහ කාර්ය මණ්ඩලය 10 දෙනකුගෙන් සමන්විතව ඇති අතර, එම අවස්ථාවේ යානය නොට්ස් 160ක වේගයෙන් ඉහළ අහසේ පියාසර කරමින් යානයේ ඉන්ධන මුහුදට හළමින් හදීසි ගොඩබෑමකට සූදානම් වෙමින් සිටි බව වාර්තා විය.
අඳාළ යානය කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලින් පියාසර ගමන් ආරම්භ කර සුළු මොහොතකින්ම යානයේ දෝෂය එහි නියමුවා මඟින් හඳුනා ගෙන ඇත.
ඒ අනුව මෙම යානයේ හදිසි ගොඩබෑම සඳහා මීගමු කලපුව ආශ්‍රිතව සහ කටුනායක ගුවන් තොටුපල ආශ්‍රිතව ඕනෑම අවස්ථාවකට මුහුණ දීමට සූදානමින් ගිලන්රථ සහ ආපදා රථ ආදිය සූදානම් කර තිබුණු බව ද සඳහන්.