උපකාරක පංති ආරම්භය ගැන තීරණය මෙන්න..

covid19 tuition class health guilds Amith Pussalla Sunandha Kariyapperuma
By Sewvandhi Oct 23, 2021 03:47 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නොවැම්බර් මස 01 වනදායින් පසුව උපකාරක පංති ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා වෘත්තිය දේශකවරුන්ගේ සංගමය පවසයි. එහි සභාපති අමිත් පුස්සැල්ල මහතා පවසන්නේ ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩිනමින් ලැබෙනු ඇති බවය. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බළකා රැස්වීමේදී විශේෂයෙන්ම තීරණය කර තිබෙනවා උපකාරක පංති ආරම්භ කරන්න ළමයි 100ට වඩා අඩු උපකාරක පංති. ඒ සඳහා සෞඛ්‍ය නිර්ණායක ඉක්මනින්ම හදලා ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා නොවැම්බර් පළමුවෙනිදායින් පසුව උපකාරක පංති 100ට අඩු සීමාව තුළ ආරම්භ කරන්න. ඒ අනුව ඉතා ඉක්මනින් එළඹෙන 25වනදා වන විට කොවිඩ් සෞඛ්‍ය නිර්ණායක අපිට ලැබෙයි. ඒ අනුව අපි උපකාරක පංති ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා"

එමෙන්ම සියලු දහම් පාසල් වල 8 ශ්‍රේණියේ සිට ධර්මාචාර්ය ශ්‍රේණි දක්වා නොවැම්බර් 7 වැනි දා සිට ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ඉල්ලා සිටි බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළා.

මේ අතර, සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකම ලැබූ මෙරට පුද්ගලයින්ට ෆයිසර් බයෝ එන්ටෙක් වර්ධක එන්නත් මාත්‍රාවක් ලබාදීම ලබන 1 වැනි දා සිට ආරම්භ කිරීමටයි ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ. එහි දී මුළින්ම සෞඛ්‍ය, ආරක්ෂක, ගුවන් තොටුපොළ හා සංචාරක ක්‍ෂේත්‍රයන්හි ඉදිරි පෙළ පුද්ගලයින්ට ප්‍රමුඛතාව හිමිවනු ඇති.

මේ අතර වයස 16ත් 18ත් අතර පාසල් සිසුන් එන්නත්කරණයට ලක් කිරීමේදී දෙමව්පියන්ගේ අනුමැතිය අනිවාර්ය බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එසේම ළමුන් සියයට අඩු උපකාරක පන්ති නොවැම්බර් පළමු වැනි දා සිට යළි ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේෂ කඩිනමින් නිකුත් කිරීමට ඊයේ පැවති කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය වී ඇති බව සඳහන්. 

ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha