සියලු පාසල් දරුවන්ට පාසලෙන් පසු ටියුෂන් තහනම් කරයි.

China School Tuition class
By Aruna Oct 22, 2021 06:22 AM GMT
Aruna

Aruna

Report

දරුවන් නරක විදියට හැසිරුණොත් දෙමව්පියන්ට දඩුවම් යම්කිසි අපරාධයකට සම්බන්ධ වන හෝ අවිනීත ලෙස හැසිරෙන දරුවන්ගේ දෙමව්පියන්ට දඬුවම්දීම නීතිගත කිරීමට චීන පාර්ලිමේන්තුව අවධානය යොමු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව අපරාධයකට සම්බන්ධ වන හෝ අවිනීත හැසිරීමක නිරතවන දරුවන්ගේ භාරකරුවන්ට හෝ දමව්පියන්ට දඬුවමක් ලෙස පවුල් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමේ පනත මගින් මාර්ගෝපදේශ වැඩසටහන් මාලාවකට සහභාගි විය යුතු බවට නීති ගෙන ඒමට කටයුතු යොදා තිබේ.

එරට පාසල් දරුවන් අධික ලෙස අධ්‍යාපන කටයුතුවල නිරතවීම සැලකිල්ලට ගනිමින් සති අන්තයේ සහ නිවාඩු දිනවල ප්‍රධාන විෂයයන් සඳහා ගෙදර වැඩ කිරීම අඩු කර ඇති අතර පාසලෙන් පසු උපකාරක පන්ති පැවැත්වීමද තහනම් කර ඇත.

පාසල් දරුවන් එවැනි ක්‍රියාකාරකම්වල නිරතවීමට හේතු ගණනාවක් බලපාන බවත්, නිසි පවුල් අධ්‍යාපනයක් නැති මාපියන් ඊට වග කිව යුතු බවත් චීන මහජන කොන්ග්‍රසය යටතේ පවතින නීති කටයුතු පිළිබඳ කොමිසමේ ප්‍රකාශක සැං ටයිවයි විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

නව නීතිය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට පෙර තම දරුවන් පිළිබඳ වැඩිපුර සොයා බලන ලෙසත්, ඔවුන් වෙනුවෙන් කාලය කැප කිරීමට උත්සාහ කරන ලෙසත් ඉල්ලා සිටින චීන රජය තම දරුවන්ට අවශ්‍ය පරිදි විවේකයක් ලබා දීමට පියවර ගන්නා ලෙසත් දන්වා තිබේ.


ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කියූ අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න.



ReeCha