ට්‍රම්ප්ගෙන් ආයෙත් ගිනි ගෙඩියක් - ලෝකෙම සාමය බලන් ඉන්න මොහොතක කළ භයානක තර්ජනය
එක්සත් ජනපදය සහ ඉරානය ඊයේ(17) දින ඔවුන්ගේ යුද්ධය අවසන් කිරීම සඳහා වන අතුරු ගිවිසුමක පාඨය නිකුත් කළා.
මේ අතර එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කර ඇත්තේ, ඉරාන නිලධාරීන් ඔවුන්ගේ කැපවීම්වලට ගරු නොකළහොත් ප්‍රහාර යළි ආරම්භ කර මරා දමන බවටයි.
ප්‍රංශයේ අනෙකුත් නායකයින් සමඟ G7 සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු මේ බව සඳහන් කර ඇත.
එමෙන්ම ට්‍රම්ප් මාධ්‍ය හමුවකදී ඉරානය ගැන පවසා ඇත්තේ, "ගිවිසුම කඩ කළොත් අපි ඔවුන්ට බෝම්බ දාන්න යනවා," "මට ඔවුන් එහෙම කරන්න ඕන නෑ. මට ඔවුන් ගිවිසුමට ගරු කරනවා දකින්න ඕන." යනුවෙන්.
එසේම ඉදිරි දින 60 තුළ එක්සත් ජනපද සහ ඉරාන සාකච්ඡාකරුවන් ස්ථිර සටන් විරාමයක් සඳහා කටයුතු කරන බැවින් ඔහු ඉරාන වැසියන් "බුද්ධිමත් මිනිසුන්" ලෙසද එහිදී හැඳින්වීය.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කළ අතර, පළමු දිනයේම 86 හැවිරිදි උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සහ ඉහළ හමුදා නිලධාරීන් ඝාතනය කරන්නට විය.
අනතුරුව එය පුළුල් කලාපීය ගැටුමක් දක්වා වර්ධනය වූ අතර එමඟින් බලශක්ති මිල ඉහළ ගොස්, උද්ධමනකාරී පීඩනයන් අලුත් වූ අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ප්‍රධාන ආහාර සැපයුම් අර්බුදයක් පිළිබඳ කනස්සල්ලක් ඇති විය.