ඇමරිකාවේ පාසලක් ලේවලින් තෙත් වෙයි - පිහියක් අතට ගත් සිසුවාගෙන් මාරක ප්‍රහාරයක්
By R.rishma
අමෙරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවූ පිහි ඇනුමකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම පාසලේ සිසුවෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවද වාර්තා වේ.
ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් අතර සිසුන් පස් දෙනෙකු සහ ආරක්ෂක නිලධාරියෙකු සිටින අතර ඔවුන් රෝහල්ගත කර ඇති බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සිසුවා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ද සිද්ධිය අතරතුර තුවාල ලබා ඇති බවද වාර්තා වේ.