හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

Report

මුල් ළමාවිය සංවර්ධන සහ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සම්බන්ධයෙන් මෑත කාලීනව පැනනැගී ඇති ගැටළු සැලකිල්ලට ගනිමින්, නීතිමය සහ ප්‍රතිපත්තිමය විධිවිධාන තවදුරටත් පුළුල් කර දැඩිව ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සවිත්‍රි පෝල්රාජ් මහත්මිය ප්‍රකාශ කළාය.

මුල් ළමාවිය සංවර්ධනය සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය සමඟ මෑතකදී පැවති සාකච්ඡාවකදී ඇය මෙම අදහස් ඉදිරිපත් කළාය.

මැයි දින සැමරුම් වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

මැයි දින සැමරුම් වෙනුවෙන් හෙට විශේෂ රථවාහන සැලැස්මක්

අමාත්‍යවරිය සඳහන් කළේ පළාත් සභා යටතේ ක්‍රියාත්මක පළාත් පෙර පාසල් ඒකක සහ පෙර පාසල් ඇතුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම සහ නියාමනය කිරීමේ වගකීම පැවරී ඇති බවත්, ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පළාත් පරිවාස දෙපාර්තමේන්තු යටතේ ලියාපදිංචි කර ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් නියාමනය කරන බවත්ය.

එසේ වුවද, ලියාපදිංචිය අනිවාර්ය වුවද නියාමන ක්‍රියාවලිය සංකීර්ණ වී ඇති බවත්, සමහර මධ්‍යස්ථාන නිසි ලියාපදිංචියකින් තොරව වෙනත් අධ්‍යාපන ආයතන සහ ව්‍යාපාර සමඟ එක්ව ක්‍රියාත්මක වන බවත් බලධාරීන් පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පෙර පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සහ පවත්වාගෙන යාම සඳහා පවතින ප්‍රමිතීන් පිළිබඳව හිමිකරුවන්, භාරකරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමටත්, ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා කාර්යක්ෂම මාර්ගගත ලියාපදිංචි පද්ධතියක් හඳුන්වාදීමටත් සැලසුම් කර ඇති බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

ජාතික ළමා අරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්

ජාතික ළමා අරක්ෂක අධිකාරියෙන් පණිවුඩයක්