පොලීසියෙන් විශේෂ දැනුම් දීමක්

ajith rohana Sri lanka covid 19 Hemantha herath
By Sithumi Jul 06, 2021 12:08 PM GMT
Sithumi

Sithumi

Report

මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම්, උද්ඝෝෂණ වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කොවිඩ් පැතිරයෑමේ අවදානමක් ඇති බැවින් නැවත දැනුම්දෙන තුරු එවැනි උද්ඝෝෂණ හා මහජන ඒකරාශීවීම් සිදුනොකළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුම්දී තිබේ.

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ පිළිබඳව දන්වා ඇති බවය. ඒ අනුව එම නිරෝධායන නියෝගවලට අදාළව පොලීසිය ක්‍රියාකරනු ඇති බව එම නිවේදනයේ දැක්වේ

Gallery