අද ඇරඹූ දුම්රිය වර්ජනය ගැන අලුත්ම තීන්දුව මෙන්න.

Train strike Train station Train society
By Aruna Jun 30, 2021 07:51 AM GMT
Report

අද (30) පෙරවරු 08.00 ට ආරම්භ කළ දුම්රිය වර්ජනය නවතා දැමූ බව දුම්රිය එංජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

ප්‍රවාහන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම ක්‍රියාමාර්ගයට යොමුව තිබේ.

දුම්රිය ප්‍රවේශ පත්‍ර විද්‍යුත් ක්‍රමයකට නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් විදෙස් සමාගමකට ලබාදීමට විරෝධය පළ කරමින් එම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

මේ පිළිබඳ සාකච්ඡා වට කිහිපයක් සිදුකළ ත් ඒ සඳහා නිසි පිළිතුරක් නොලැබීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now