අලි ඇතුන් 07 දෙනෙක් අනතුරට ලක් කළ මීනගයා දුම්රිය රියදුරට එරෙහිව විනය පියවර ගන්නැයි මූලික අයිතිවාසිකම් පෙත්සමක්
පෙබරවාරියේ හබරණදී දුම්රියේ ගැටී අලි ඇතුන් 07ක් මියගිය සිදුවීමට සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් කර 67 හැවිරිදි රියදුරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරිට නියෝග කරන්නැයි ඉල්ලමින් පරිසර ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
විශ්‍රාම වයස ඉක්මවූ රියදුරන් ගල්ඔය සිට මඩකළපුව දක්වා හා ගල්ඔය සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වන දුම්රියවලට යොදවීම වළක්වන්නැයි දුම්රිය සාමාන්‍යාධිකාරිට නියෝග කරන්නැයි ද පෙත්සම්කරුවන් ඉල්ලා තිබේ.
අලි ඇතුන් මාරුවන මාර්ග හරහා දුම්රිය ධාවනයේදී රියදුරන්ගේ නොසැලකිල්ල නිසා මරණ සිදුවුවත් ඔවුනට එරෙහිව විනය පියවරක් ගෙන නොමැති බවත් ඔවුන් තවමත් සේවයේ යෙදෙන බවත් පෙත්සමේ සඳහන්ය.
දුම්රිය සාමාන්‍යාධිකාරි, ප්‍රවාහන ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, පරිසර හා ප්‍රවාහන අමාත්‍යවරුන් ඇතුළු 12 දෙනකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
මාර්තු, මැයි හා අගෝස්තු මාසවලද මෙවැනි අලි මරණ සිදුවූ බවත් ඒවා වළක්වා ගැනීමට බලධාරීන් නිසි පියවර නොගත් බවත් පෙත්සම්කරුවන් පෙන්වා දී ඇත.