පාසල් සිසුන් සදහා දුම්රිය ධාවනය - ඇල්ල ඔඩෙසිත් යළි ඇරඹෙයි
අද (07) සිට පැවති ආපදා හමුවේ නවතා දමා තිබූ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය යළිත් ධාවනයට එක් කර ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය සෑම බදාදා දිනයකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
තවද පුලතිසි නගරාන්තර අනිද්දා සිට සෑම සිකුරාදා දිනයකම කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා සහ සෑම ඉරිදා දිනකම මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කිරීමට සැලසුම් කර ඇත.
පිළිකාවෙන් මියගිය මගේ අම්මටයි මටයි කුණුහරපෙන් බැන්නා මෙයාව මෙතනින් අයින් කරන්න නැත්නම් වෙන දේවල් වලට මම වගකියන්නේ නෑ
දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කරන්නේ ලැබෙන මගී ඉල්ලුම අනුව ධාවන වාර සංඛ්‍යාව ඉදිරියේදී වැඩි කිරීමට ද සැලසුම් කර ඇති බවයි.
මේ අතර, පාසල් ආරම්භ කෙරුණු පසුගිය 05 වැනිදා සිට සිසුන් සදහා පාසල් පැවැත්වෙන දිනවල මහනුවර සහ වත්තේගම අතරත්, නාවලපිටිය සහ හැටන් අතරත්, දුම්රිය ධාවනය ආරම්භ කර ඇත.
කෙසේ වෙතත්, පැවති ආපදා තත්ත්වයන් පසු එම මාර්ග කොටස්වල දුම්රියන් ධාවනය වන්නේ පළමු වතාවටයි.