දෙසැම්බරයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 90,000කට වැඩි පිරිසක් ලංකාවට
By Kanchana
දෙසැම්බර් මාසයේ ගත වු මුල් සති දෙකක කාලය තුළ සංචාරකයින් 90,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන් කර තිබේ.
ඒ අනුව එම අධිකාරිය සඳහන් කළේ මෙම දෙසැම්බර් මස පළමු වෙනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයින් 93,031දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි. තවද ඉන් වැඩි පිරිසක් ඉන්දීය ජාතිකයින් වේ.
එම සංචාරකයින් සංඛ්‍යාව 21,156කි.
ඊට අමතරව රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, චීන ඇතුළු රටවලින් ද සංචාරකයින් බොහෝ පිරිසක් ලංකාවට පැමිණ ඇත.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ මෙම වසරේ ජනවාරි පළවන දා සිට දෙසැම්බර් 14 දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 2,196,624ක් වන බවයි.