ප්‍රදේශ රැසකටම වෙන්න යන දේ මෙන්න - අනිවාර්යයෙන් කාලගුණය බලලම ඉන්න

Department of Meteorology TN Weather Weather
By Zara Apr 07, 2025 12:30 AM GMT
Zara

Zara

Report

 දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ වයඹ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය.

සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.

සබරගමුව, මධ්‍යම, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

එමෙන්ම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට දින (07) දහවල් 12:12 ට කොළඹ, අවිස්සාවේල්ල, තලවකැලේ, දිඹුල, ගලකුඹුර සහ දඹගල්ල යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය සත්සර නිමේශ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

වැලිකඩ පොලිස් අත්අඩංගුවේදී මියගිය සත්සර නිමේශ්ට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ගෙදර යන්න වෙන ලකුණු

ReeCha