අද දවසම වැස්ස..අවදානම් ප්‍රදේශ ගැන රතු එළියක්

Weather Rain Sinhala news
By Mithu May 27, 2025 11:40 PM GMT
Mithu

Mithu

Report

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැක.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

චිකුන්ගුන්යා අවදානම් ප්‍රදේශ මෙන්න....පරිස්සමින්

උතුරු-මැද පළාතේත් මන්නාරම, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

මෙන්න සුභ ආරංචියක්...විසි දාහක් වෙනුවට පනස්දාහක් දෙනවලු

ReeCha