ලග්නයෙන් අටවැන්නේ සඳු ගෝචරය වන අද මේ අය දුර ගමන් බිමන් යෑම සම්පූර්ණයෙන්ම නවත්වන තරමට දවස සුබයි
මේෂ - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් හතරවැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියා ස්ථානයේ පවතින ගැටළු නිවසට රැගෙන ඒමෙන් පවුලේ සාමය තවදුරටත් පිරිහී යා හැක. වෘත්තීය ජීවිතය සහ පෞද්ගලික ජීවිතය පටලවා නොගැනීමට වගබලා ගන්න. අනවශ්‍ය කේන්ති ගැනීම් වලින් වැළකී සිටීමට මහන්සි වන්න.
වෘෂභ - ඉතා ශුභයි
ලග්නයෙන් තුන්වැන්නේ සඳු ගෝචරය වන අද දින, බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් අසීරු අවස්ථා පහසුවෙන් මගහරවා ගනී. නව මිතුරන් හමුවන අතර ඔවුන්ගෙන් ඔබගේ අනාගත දියුණුවට ප්‍රයෝජනවත් වන අතිශය වටිනා උපදෙස් සහ මගපෙන්වීම් ලබාගැනීමට හැකිවනු ඇත.
මිථුන - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දෙවැන්නේ සඳු ගෝචරය වන අද දින, අධ්‍යාපන කටයුතු වල නිරත වන දරුවන්ගේ මතක ශක්තිය යම් තරමකට අඩුවීමක් හෝ අලස බවක් පෙන්වනු ඇත. ඔවුන්ට පාඩම් වැඩ වලට අවධානය යොමු කිරීම අපහසු විය හැක. දෙමාපියන් මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
කටක - මිශ්‍රයි
ලග්නයෙන් පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, අන් අයගේ ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් වළකින්න. එසේ වීමෙන් ඔබට මානසික පීඩනයක් ඇතිවිය හැක. තමාගේ පාඩුවේ තමාට පැවරී ඇති රාජකාරිය පමණක් ඉටු කිරීම අද දිනට වඩාත් යහපත්ය.
සිංහ - ප්‍රවේශම් වන්න
ලග්නයෙන් දොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වීමක් හෝ ප්‍රතිකාර සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවිය හැක. නැතහොත් සමීප ඥාතියෙකු බැලීමට රෝහලකට යාමට සිදුවිය හැක. බෝවන රෝග වලින් ආරක්ෂා වීම ගැන පූර්ණ අවධානය යොමු කරන්න.
කන්‍යා - ඉතා ශුභයි
ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, සමාජ සේවා සහ පුණ්‍ය කටයුතු වල නිරත වීමෙන් සමාජයේ ඉහළ ගෞරවයක් සහ ප්‍රසාදයක් දිනා ගැනීමට හැකිවේ. රන් රිදී ආභරණ, නවීන විදුලි උපකරණ හෝ නිවසට අවශ්‍ය වටිනා භාණ්ඩ මිලදී ගැනීමට සිත යොමුවන අතර ඒ සඳහා මුදල් ද ලැබෙනු ඇත.
තුලා - ශුභයි
ලග්නයෙන් දහවැන්නේ සඳු ගෝචරය වන අද දින, පියාගේ ව්‍යාපාර වලට හෝ පිය පාර්ශවයේ දේපළ සම්බන්ධ කටයුත්තකට මැදිහත් වී කටයුතු කිරීමට අද දින ඔබට සිදුවනු ඇත. පවුලේ වැඩිහිටියන්ගේ බරපතල වගකීම් බොහෝමයක් ඔබගේ කරමත පැටවෙනු ඇති අතර ඔබ ඒවා සාර්ථකව ඉටු කරනු ඇත.
වෘශ්චික - මිශ්‍රයි
ලග්නයෙන් නවවැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියා ස්ථානයේ හදිසි ස්ථාන මාරුවීම්, දෙපාර්තමේන්තු වෙනස්කම් හෝ වෙනත් ව්‍යුහාත්මක වෙනස්කම් අපේක්ෂා කළ හැකි දිනයකි. එය ඔබගේ වෘත්තියට සුබ ද අසුබ ද යන්න ඉදිරියේදී ඔබ වැඩකටයුතු කරන ආකාරය සහ කැපවීම මත තීරණය වනු ඇත.
ධනු - ඉතා ප්‍රවේශම් වන්න
ලග්නයෙන් අටවැන්නේ සඳු ගෝචරය වන අද දින, දුර ගමන් බිමන් සහ විශේෂයෙන්ම රාත්‍රී කාලයේ ගමන් අද දින සම්පූර්ණයෙන්ම මඟහරින්න. ගමන් බිමන් වලදී තමා සතු වටිනා භාණ්ඩ, මුදල් හෝ ලියකියවිලි සොරකම් කිරීමට ලක්විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවීම නුවණට හුරුය.
මකර - ශුභයි
ලග්නයෙන් හත්වැන්නේ සඳු ගෝචරය වන අද දින, අද දිනය ඔබගේ සහජ දක්ෂතා සහ හැකියාවන් සමාජයට ඉදිරිපත් කිරීමට සුදුසුම දිනයකි. විශේෂයෙන්ම වෙළඳ, ප්‍රවර්ධන සහ අලෙවිකරණ කටයුතු වල නිරත වන්නන්ට අන් අයව පහසුවෙන් නම්මා ගනිමින් තම ඉලක්ක කරා සාර්ථකව ගමන් කළ හැක.
කුම්භ - ඉතා ශුභයි
ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින, සමාජ සේවා සහ පරාර්ථකාමී පුණ්‍ය කටයුතු වලදී ඔබට ප්‍රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීමට හැකිවේ. අසරණ අයට පිහිට වීමෙන් ඔබගේ සිතට සැනසිල්ලක් අත්වන අතර, එම යහපත් ක්‍රියාවන් සමාජයේ ඉහළ ඇගයීමට ලක්වනු ඇත.
මීන - මිශ්‍රයි
ලග්නයෙන් පස්වැන්නේ සඳු ගෝචරය වන අද දින, මිතුරන් සමඟ විනෝද ගමන් යාමට හෝ උත්සව අවස්ථා වලට සහභාගී වීමට සැලසුම් කර ඇත්නම් එහි යම් යම් ප්‍රමාදයන් සහ බාධා ඇතිවිය හැක. ගමන් බිමන් යාමේදී මාර්ග නීති පිළිපැදීමට සහ ආරක්ෂාව ගැන සැලකිලිමත් වීමට වග බලා ගන්න.