පවුලේ දියුණුවට වෙහෙසෙන මේ ලග්නවල අය නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් සිටින්න
🔴 මේෂ ලග්නය
පැරැණි හිතවත්කමක් අලුත් කරයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගනී. විශේෂ සැලසුමක් වෙනුවෙන් වෙහෙසෙයි.
🔴 වෘෂභ ලග්නය
ගැටලුකාරී කටයුතු කීපයක් යෙදෙන දිනයකි. හිතවතෙකුගේ භෝජන සංග්‍රහයකට සහභාගිවීමට අවස්ථාව උදා කරයි.
🔴 මිථුන ලග්නය
විශේෂ කෙනෙකුගේ හමුවීමක් සිදුකරයි. හදිසි ගනුදෙනුවක් හේතුවෙන් පාඩු විඳීමට සිදුවේ. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට කටයුතු උදා කරයි.
🔴 කටක ලග්නය
වගකීම් බහුල දිනයකි. පවුලේ දියුණුව වෙනුවෙන් වෙහෙසෙයි. නිතර තමා හමුවට එන කෙනකු පිළිබඳ කල්පනාවෙන් පසුවන්න.
🔴 සිංහ ලග්නය
අවිවේකී ලෙස දවස උදා කරයි. අසල්වැසි සුහදතාවයට කරුණු ඇති කරයි. දුරදිග බලා කටයුතු කරන්න. වැඩිහිටි උපකාරයක් හිමි කරයි.
🔴 කන්‍යා ලග්නය
හදිසි ලැබීම් සහිත දිනයකි. අසරණ කෙනකුට උපකාරයක් කිරීමට අවස්ථාව උදා කරයි. උදාසීන ගති මඟහැරී යන දිනයකි.
🔴 තුලා ලග්නය
ඉවසිලිවන්තව කටයුතු සිදු කරයි. පවුලේ අය අතර කැපී පෙනෙන අන්දමේ කටයුතු කීපයක් හිමි කරයි. දුරදිග බලා කටයුතු කරන්න.
🔴 වෘශ්චික ලග්නය
අවිවේකී වුවත් සැලසුම් කීපයක් සාර්ථක කර ගැනීමට හැකිවෙයි. පවුලේ කටයුතුවලදී මූලිකත්වයක් ගන්නා දිනයකි.
🔴 ධනු ලග්නය
උත්සාහයෙන් කටයුතු සිදු කරයි. මිහිරි ආහාරපාන කෑමට හිමිකරයි. ගේ දොර අලුත්වැඩියාවක් වෙනුවෙන් වෙහෙසෙයි.
🔴 මකර ලග්නය
නොගැළපෙන ඇසුරකට යොමු වෙයි. පදිංචි ස්ථානයෙන් දුරස්ව කටයුතු කිරීමට සිදුකරන දිනයකි.
🔴 කුම්භ ලග්නය
දුර බැහැර ගමනක් යෙදේ. අලුත් සැලසුම් ඇති කරන දිනයකි. සෙම් දෝෂයකින් පීඩා ඇති කරයි.
🔴 මීන ලග්නය
යන එන තැන කැපී පෙනෙන දිනයකි. ගේ දොර අඩුපාඩු කීපයක් සම්පූර්ණ කර ගැනීමට හැකි වෙයි.