පෙරළිකාර රන් මිලේ නවතම තත්ත්වය - ලක්ෂ 4 ට ළං වෙයි

Report

මේ දිනවල රන්මිල නිතරම වෙනස් වීම්වලට ලක් වෙන අතර පසුගිය දිනවල රන් මිලෙහි විශාල මිල පහළ යාම්ද දක්නට ලැබුණා.

කෙසේ වෙතත් ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,569 දක්වා ඉහළ ‍ගොස් තිබෙනවා.

සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට

සතියක් තුළ මෙරට රන් මිල රු 38,000කින් පහළට

කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් වේ.

එබැවින් අද දිනයේ "කැරට් 22" රන් පවුමක් මිල රු. 361,500ක් වශයෙන් සඳහන් විය.

මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් වශයෙන් පැවති "කැරට් 24" රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

ලංකාවට සතුටුදායක ආරංචියක් - බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළට - මෙරටට ගෙන්වන තෙල් මිලෙත් විශාල අඩුවීමක්

එනකල් බලන් හිටපු සුබ ආරංචිය - වැඩිහිටි දීමනාව දෙන දවස මෙන්න

එනකල් බලන් හිටපු සුබ ආරංචිය - වැඩිහිටි දීමනාව දෙන දවස මෙන්න