මෙටර රන් මිල රුපියල් 29000කින් පහළට

Report

මෙරට රන් වෙළෙඳපොළේ මිල දින කිහිපය තුළ අඩු වී ඇත.

ඒ අනුව බ්‍රහස්පතින්දා සිට අද (21) දක්වා රන් මිල රුපියල් 29,000ක් පමණ පහළ ගොස් ඇති අතර, පෙරේදා (19) රුපියල් 13,000කින්, ඊයේ (20) රුපියල් 6,000කින්, අද දිනයේ තවත් රුපියල් 10,000කින් අඩු වී ඇත.

විශ්ලේෂකයන්ගේ පෙන්වා දෙන ආකාරයට, ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ දැඩි පහළ යෑම මෙම අඩුවීම් සඳහා ප්‍රධාන හේතුවක් වේ.

ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට අවසර?

ජපාන නෞකාවලට හෝමූස් භාවිතා කිරීමට අවසර?

මෙයට අමතරව මැදපෙරදිග කලාපයේ යුද තත්ත්වය, ලෝක ආර්ථිකයේ අසතුලිතතා සහ ආයෝජන ක්‍රියාකාරකම් අඩාල වීම, තෙල් මිල ඉහළ යාම සහ ඇමෙරිකානු ඩොලරය ශක්තිමත් වීමද බලපා ඇති බව සඳහන් වේ.

තවද, විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම මිල පහළ යාම තාවකාලික තත්ත්වයක් බවත්, ලෝක ආර්ථික තත්ත්වය ස්ථාවර වූ පසු රන් මිල නැවත ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් ය.

මුළු දිවයිනටම රාත්‍රි 11 තෙක් වලංගු නිවේදනයක්

මුළු දිවයිනටම රාත්‍රි 11 තෙක් වලංගු නිවේදනයක්