පොලිස් දෙපාර්තමේන්තුවට අලුතෙන් එන කොමසාරිස් ජනරාල් ධුරය.

Sri Lanka Police Government Of Sri Lanka President of Sri lanka
By Wayomi Dec 04, 2023 04:25 AM GMT
Wayomi

Wayomi

Report

ඉදිරියේදී පොලිස් කොමසාරිස් ජනරාල් ධුරයක් ස්ථාපිත කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමේ පමණක් පවතින අතර ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග පවසන්නේ.

මෙම පොලිස් කොමසාරිස් ජනරාල් ධුරය යනු, ජනාධිපතිවරයා විසින් ස්ථාපිත කරනු ලබන සිවිල් තනතුරක් වන අතර කොමසාරිස් ධුරයට පත්වන පුද්ගලයාට පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලනය අධීක්ෂණය කිරීමේ වගකීම පැවරෙනවා.

දේශපාලන ආරංචි මාර්ග නම් පවසන්නේ, ඊට හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ව පත් කරනු ඇති බවයි.

මාස 03කට සීමා කරමින්, පසුගියදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කරනු ලැබුවා. 

කෙසේ වෙතත් මෙම පත්කිරීම ස්ථිර පත්කිරීමක් ලෙස ක්‍රියාත්මක කරන බවට මේ දක්වාත් කිසිදු පාර්ශවයක් ප්‍රකාශයට පත්කර නැහැ. 

ReeCha