ට්‍රම්ප් ගෙන් බ්‍රසීලයට 50%ක තීරුබද්දක් - ජාත්‍යන්තර වෙළඳයට දැඩි බලපෑමක්?
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසීලයෙන් එන ආනයන සඳහා 50%ක තීරුබද්දක් පැනවීමට සැලසුම් කරන බව නිවේදනය කර තිබේ.
බ්‍රසීල ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා වෙත යොමු කරන ලද ට්‍රම්ප්ගේ ලිපියක දැක්වෙන්නේ, මෙම තීරුබදු 2025 අගෝස්තු 1 වන දින සිට ක්‍රියාත්මක වන බවයි.
ට්‍රම්ප්ගේ ලිපියේ සඳහන් වන්නේ, එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා ගෞරවනීය නායකයෙකු වන හිටපු බ්‍රසීල ජනාධිපති ජායිර් බොල්සොනාරෝට බ්‍රසීලයේ වත්මන් පාලනය විසින් කරන ලද සැලකිල්ල ජාත්‍යන්තර අපකීර්තියක් බවයි.
එමෙන්ම, වත්මන් බ්‍රසීල පාලන තන්ත්‍රයේ බරපතල අසාධාරණකම් නිවැරදි කිරීම සඳහා 50%ක තීරුබද්දක් පැනවීම අත්‍යවශ්‍ය බවද එම ලිපියේ වැඩිදුරටත් දැක්වේ.