ටයිටැනික් නෞකාවේ මගියෙකුගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසියේ
By Mithu
1912 වසරේදී මුහුදුබත් වූ ටයිටැනික් නෞකාවේ ගමන් කළ මගියකු සතුව තිබූ රත්රන් ඔරලෝසුවක් මෙලෙස අමෙරිකානු ඩොලර් මිලියන 2.3කට අධික මුදලකට වෙන්දේසි වී තිබේ.
එය ටයිටැනික් නෞකාවේ තිබූ භාණ්ඩ අතර වෙන්දේසියකදී හිමි වූ ඉහළම වටිනාකම ලෙස වාර්තා වේ.
මෙම ඔරලෝසුව අලෙවියට ඉදිරිපත් කර තිබූ මගියා අමෙරිකානු ව්‍යාපාරිකයෙකු වන අතර, ඔහු 1912 අප්‍රේල් 14 වනදා නිව්යෝර්ක් බලා යාත්‍රා කරන ටයිටැනික් නෞකාව අයිස් කන්දකට ගැටීමෙන් සිදු වූ අනතුරේදී ජීවිතක්ෂයට පත්වූ 1,500කට අධික පුද්ගලයින් අතරපුද්ගලයකු වේ.
අනතුරෙන් පසුව, එම ව්‍යාපාරිකයාගේ මළ සිරුර අත්ලාන්තික් සාගරයෙන් කිසිපෙර දින කිහිපයකට පසු සොයාගෙන තිබුණ අතර, ඔහු සතුව තිබූ ඔරලෝසුවේ වේලාව අලුයම 2.20ට පෙන්වෙමින්, නෞකාව අනතුරට පත් වූ අවස්ථාව සටහන් කර තිබුණි.