විදුලි බිල ගැන වාසුදේවගෙන් ආණ්ඩුවට රතු එළියක්
හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසන්නේ, විදුලි බිල අඩු කරන බවට ජනතාවට පොරොන්දු වෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අද විදුලි බිල වැඩි කිරීමට සිදුව ඇති අසීරු තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.
ඔහු සඳහන් කළේ, විදුලි බිල ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස තෙල් භාවිතයෙන් විදුලිය නිපදවීම සහ ගල් අඟුරු සම්බන්ධ ගැටලු පෙන්වා දිය හැකි බවයි. ඒ හේතුවෙන් ජනතාවට අමතර ආර්ථික බරක් දරා ගැනීමට සිදුව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
මාධ්‍ය හමුවකදී වාසුදේව නානායක්කාර මහතා තවද,
“විදුලි බිල වැඩිවීමේ සැබෑ හේතු ජනතාවට පැහැදිලි කළ යුතුයි. ගල් අඟුරු සම්බන්ධ පාඩු නිසා දැන් තෙල් භාවිතය වැඩිවෙලා තිබෙනවා. ඒ නිසා මේ තත්ත්වය සඟවන්න බෑ”
යනුවෙන්ද ඔහු සඳහන් කළේය.