අද ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව පැ.කි.මී. 20-30 ක සුළඟේ වේගයක් - 2න් පස්සේ වෙන්නේ මේකයි

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ඒ අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බව සඳහන්.

එසේම බස්නාහිර ,මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව අඳාළ නිවේදනයේ දැක්වේ.

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක් - අලුත් අවුරුද්දට සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනවල රට පුරා විශේෂ වැඩක්

මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

තවද අඳාළ නිවේදනයෙහි කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දන්වා ඇත.

ඒ අනුව සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වන බව සඳහන්.

යුද්ධේ තව වැඩිවුණොත් ලංකාවට තවත් අසුබ අනාවැකියක් - මැයි මාසයේ පළමු දිනට යෙදෙන ඉන්ධන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක්?

යුද්ධේ තව වැඩිවුණොත් ලංකාවට තවත් අසුබ අනාවැකියක් - මැයි මාසයේ පළමු දිනට යෙදෙන ඉන්ධන මිල වැඩිවීමේ දී දරාගත නොහැකි මිල වැඩිවීමක්?

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න

මැයි මාසයේ සිට ක්‍රියාත්මක වෙන අලුත්ම ගාස්තුව මෙන්න