කළුතරිනුත් මාලිමාවට අන්ත පරාජයක්

Report

කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා අද (20) ඉදිරිපත් කළ අයවැය එක් ඡන්දයකින් පරාජයට පත් විය.

අයවැය ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් කරන ලදී. සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා ඉල්ලා සිටි බෙදීම පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කළ අතර පසුව ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 15ක්, විරුද්ධව 16ක් ලැබිණි.

ලේසියට මේ වගේ පාර්ස්වර්ඩ් එකක් නිකමටවත් හදන්න එපා - හැමෝම වගේ පාවිච්චි කරන පාස්වර්ඩ් එකක් එළියට

ලේසියට මේ වගේ පාර්ස්වර්ඩ් එකක් නිකමටවත් හදන්න එපා - හැමෝම වගේ පාවිච්චි කරන පාස්වර්ඩ් එකක් එළියට

ජාතික ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් අයවැයට පක්ෂව ප්‍රකාශ කළ අතර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයා ඡන්ද විමසීමට සහභාගි නොවීය.

සභාවේ සම්පූර්ණ මන්ත්‍රීවරුන් ගණන 32ක් වන අතර, ජාතික ජන බලවේගය 15ක්, අනෙකුත් පක්ෂ 17 දෙනෙක් නියෝජනය කරයි.

ඩොලරය ඉහළට රුපියල පහතට - අද අගයන් මෙන්න

ඩොලරය ඉහළට රුපියල පහතට - අද අගයන් මෙන්න