ත්‍රීරෝද රථ ගාස්‍තුවත් පහළට - ඒ අනුව මිල අඩු වන්නේ මෙහෙමයි..
By krishani
හෙට (30) දින සිට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 20 කින් අඩු කරන බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.
ඉන්ධන මිල සංශෝධනය සැළකිල්ලට ගනිමින් එම මිල අඩු කිරීම සිදු කරන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පැවසීය.
ඒ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.
මීට පෙර පළමු කිලෝමීටරයට රුපියල් 120ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80ක ගාස්තුවක් අයකෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |